අඩවිය වනසන ප්ලාස්ටික්

හිම ගිරි අරණේ අඳුරු පැතිකඩ

සෑම වසරකම සිරිපා වාරයේ දී දස දහස් ගණනක් බැතිමතුන් හද පිරි භක්තියෙන් ශ්‍රී පා කරුණා කරයි. නමුත් ඒ අතරින් බොහෝ දෙනෙක් නොදැනුවත්ව ම වර්ධනය වෙමින් පවතින පාරිසරික අර්බුදයක කොටස්කරුවෙකු වී නැවත පැමිණෙයි.

පාරිසරික බලපෑම

ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය මෙම පූජනීය අඩවියේ සුන්දරත්වය විනාශ කරමින් වන අරණේ ජීවත්වන සැබෑ පදිංචිකරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල කරයි.

  • සතුන් බොහෝ විට ප්ලාස්ටික් ආහාරයට ගැනීම හෝ ඒවායේ පැටලීම නිසා ඔවුන්ට විවිධ අනතුරුවලට මුහුණ පෑමට  සිදු වේ.
  • අපද්‍රව්‍ය අනිසි බැහැර කිරීම නිසා ප්‍රධාන ගංගාවන් පෝෂණය වන ඇළ දොළ ඇතුළු ස්වාභාවික ජල මූලාශ්‍ර දූෂණය වේ.
  • දූෂිත ජල මාර්ග නිසා මෙම ගංගා මත යැපෙන ප්‍රජාවන්ට සහ වනජීවීන්ට පානීය ජලය ලබා ගැනීමේ දී මෙන් ම  කෘෂිකර්මාන්තය සඳහා තර්ජනයක් ඇති වේ.

ශ්‍රී පා අඩවිය සැබවින් ම
විනාශ කරන්නේ කවුද?

ශ්‍රී පා කඳු මුදුනට යන මාර්ගය දෙපස දක්නට ලැබෙන පරිසර දූෂණයට සැබවින් ම හේතු වන්නේ,

ප්ලාස්ටික් වතුර බෝතල්

ඔබගේ පහසුව සඳහා ඔබ රැගෙන යන මෙම ද්‍රව්‍ය ශ්‍රී පා අඩවියේ ඉතිරි කර නැවත පැමිණීම නිසා ශ්‍රී පාදයේ සුන්දරත්වයට දිගුකල් පවතින කැළලක් එක් කරයි.

පොලිතීන් බෑග්

ඔබගේ පහසුව සඳහා ඔබ රැගෙන යන මෙම ද්‍රව්‍ය ශ්‍රී පා අඩවියේ ඉතිරි කර නැවත පැමිණීම නිසා ශ්‍රී පාදයේ සුන්දරත්වයට දිගුකල් පවතින කැළලක් එක් කරයි.

තනි භාවිතය සදහා රැගෙන එන ආහාර බහාලුම්

ඔබගේ පහසුව සඳහා ඔබ රැගෙන යන මෙම ද්‍රව්‍ය ශ්‍රී පා අඩවියේ ඉතිරි කර නැවත පැමිණීම නිසා ශ්‍රී පාදයේ සුන්දරත්වයට දිගුකල් පවතින කැළලක් එක් කරයි.

ක්ෂණික ආහාර ඇසුරුම්

ඔබගේ පහසුව සඳහා ඔබ රැගෙන යන මෙම ද්‍රව්‍ය ශ්‍රී පා අඩවියේ ඉතිරි කර නැවත පැමිණීම නිසා ශ්‍රී පාදයේ සුන්දරත්වයට දිගුකල් පවතින කැළලක් එක් කරයි.

මෙම ප්‍රශ්නයට විසදුමක් අවශ්‍ය වන්නේ ඇයි?

වන විනාශය සහ නියාමනය නොකළ සංචාරක ව්‍යාපාරය නිසා සිදුවන පරිසර දූෂණය ශ්‍රී පාදයේ ස්වාභාවික චමත්කාරය පිරිහීමට ලක් කරයි. 

  • දිරාපත් නොවන අපද්‍රව්‍ය නිසා සිදුවන පරිසර විනාශය හේතුවෙන් පරිසර හිතකාමී සංචාරකයින් නැවත පැමිණීමට පසුබට වෙයි.
  • මෙය සෘතුමය පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ වන්දනා ගමන් පදනම් කරගත් ආදායම මත යැපෙන දේශීය ආර්ථිකයන්ට දැඩි ලෙස බලපෑම් කරයි.
  • මෙය පාලනය නොකළහොත්, ශ්‍රී පා අඩවියේ ආගමික වැදගත්කම මෙන් ම ජෛව විවිධත්වය ට ද දැඩි බලපෑමක් ඇති කරයි.

එන්න අප හා එක්වන්න!

ශ්‍රී පාද අඩවිය සුරක්ෂා කිරීම යනු,එය පිරිසිදු කිරීම පමණක් ම නොවේ.

වඩා හොඳ අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර වන්දනා පිළිවෙත් සහ සාමූහික දැනුවත්භාවය තුළින් අපට ශ්‍රී පාදස්ථානයේ ස්වාභාවික සුන්දරත්වය යථා තත්ත්වයට පත් කළ හැකිය.

ශ්‍රී පාදස්ථානය පාරිසරික වශයෙන් විනාශයට ලක් වූ ස්ථානයක් ලෙස නොව සුන්දරත්වයෙන් පිරි ස්ථානයක් ලෙස පවතින බව සහතික කිරීම ඔබ අප සැමගේ වගකීමයි.